වරදට සමාව ලැබූ දුමින්ද විවාහ වෙයි ..! මනාලිය නිෂාරා

0
185

 

යුද්ධය පැවැති කාලයේ හමුදා ප්‍රකාශක ප්‍රසිද්ධ වූවාක් මෙන් නිෂාරා ජයරත්න නම් තරුණියක් පසුගිය කාලයේ ජනප්‍රිය විය . ඇය හිටපු නීතිපති දප්පුල ඩි ලිවේරාගේ මාධ්‍ය ප්‍රකාශකාව විය.

ජයරත්න මල්ශාලා ඇයගේ පියාට අයිති වූවකි. ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ ආදි සිසුවියකි. නිෂාරා ලන්ඩන් උසස් පෙල නිමකල පසු කෙන්ට් විශ්ව විද්‍යලයට ඇතුල්වී නීතිය හැදෑරුවය.

එංගලන්තයේ අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඇය නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූවාය. 2013 වසරේදි ඇය නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. පත්වීම ලදදා පටන් ඇය වැඩ කළේ දප්පුල ඩී ලිවේරා සමගය.

ගෞරවනීය අභිමානවත් සහ අවංක සේවාවක් සැලසීම නීතිපති දෙපාර්තමේන්තුවේ දැක්ම වෙයි. නිෂාරගේ ගුරු වූ දප්පුල ආන්දෝලානාත්මක චරිතයක් විය. කපු‍ටු කූඩයක් මෙන්වූ දප්පුලගේ හිසකෙස් විලාසිතාව මහත් ආන්දෝලනයට ලක් විlය. එය අධිකරණයට අපහාසයක් යයි ඇතැම්හු චෝදනා කළහ.

දප්පුල නීතිපති දෙපාර්තමේන්තුව රන් කළේ ” මයි කාර්, මයි පැට්‍රොල් ” නිය්‍ය අයට අනුවය. දප්පුල නීතිපති වූ විගස නිෂාරා වෙනුවෙන් අළුත් තනතුරක් නිර්මානය කළේය. ඇයට MSD ආරක්ෂාව පවා ලබා දුන්නේය.

ගුරා හිටගෙන මූත්‍රා කරන විට ගෝලයන් දුව දුවා මූත්‍රා කරන බවට කතාවක් ඇත. දප්පුල පිළිගත් සම්ප්‍රදායන් උඩුයටිකුරු කළේ යම්සේද නිෂාරා එය හොදටම කළේය. නිෂාරා ජයරත්න දුමින්ද සිල්වා සමග විවාග වීමට නියමිත බව කීවොත් ඔබ එක්වරම විශ්වාස නොකරනු ඇත . නමුත් කතාව ඇත්තය.

දුමින්ද සිල්වා සහ නිෂාරාගේ විවාහයට දෙමාපියන්ගේ කැමැත්තද ලැබී ඇත . විවාහය ලබන ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිතය