බොරු PTA චෝදනා නගා අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 කට ඇප

    0
    117

    අප්‍රියෙල් 28 දින ත්‍රස්තවාදය මැඩලීමේ පනත යටතේ බොරු චෝදනා එල්ල කොට අත් අඩංගුවට ගත් සැක කරුවන් 5 දෙනෙකුට ඇප ලැබුනේය

    1. ඇල්බට් සිවලිංගම්
    2. කන්දසාමි රමේෂ්
    3. අරුනාචලම් ආරුමුගම්
    4. ජේන් ප්‍රසාද්
    5. කුමාර් වඩිවේල් සෙල්වකලා

    යන අය 28 වැනිදා නිදහස් විය. මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2021 අගෝස්තු මස 1 දිනය. වසර දෙකට ආසන්න කාලයක් ගත වුවද මොවුන්ට එරෙහිව චෝදනා ගොණු කිරීමට TIDය අසමත් විය. එල්.ටී.ටී.ඊ සංවිධානය යලි සක්‍රීය කිරීමට දායක වූ බවට සැක පිට මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඇත්ත කථාව මීට. වෙනස්ය. මොවුන් මෑතකදී දේශපාලන පක්ෂයක් ආරම්භ කළහ . කොටියා එහි සලකුණ විය. මෙම පක්ෂය මැතිවරණ කොමසරිස් විසින්ද පිලිගෙන තිබුනි. කෙසේ වුවද අභූත චෝදනා නගා මොවුන් අත්අඩංගුවට ගත්හ.

    රාජපක්ෂ රෙජීමයේ පැවැත්මට යුධ උන්මාදය අවශ්‍ය සාධකයකි . අතිවිශාල හමුදාවක් නඩත්තු කිරීම සාධාරණීයකරණය කිරීමට එල්.ටී.ටී.ඊ යේ පැවැත්ම අවශ්‍යයය .

    හමුදා බුද්ධි අංශ ඊට අවශ්‍ය කටයුතු නට්‍යානුසාරීව සකසනු ලැබීය. බුද්ධි අංශවලට සම්බන්ධ දෙමළ ජාතිකයන් එම මෙහෙයුම් සදහා යොදා ගත්හ.කරුණා පිල්ලෙයාන් ඩග්ලස් දේවානන්ද වැනි දේශපාලනඥයන්ද මෙවැනි මෙහෙයුම් වලට අඩු වැඩිව දායක විය

    දෙමළ ජාතිකයන් අත්අඩංගුවට ගත් පසු ටී. අයි.ඩී ය බොරු කේස් නිර්මානය කළහ . දූෂිත නිළධාරීන් සැකකරුවන්ගෙන් කප්පම් ගත්හ . මේ සදහා දූෂිත නීතීඥයන්ද සම්බන්ධ විය. ලංකාවේ මාධ්‍ය හිරිකිතයකින් තොරව අසත්‍ය වාර්තා කළේය.

    සැකකරුවන්ට පසුගිය 28 දින ඇප ලැබුනේ ජාත්‍යන්තර සංවිධානවල ඉල්ලිම නිසාය. ලංකාවේ නීති පොත් දෙකක් ඇත.ප්‍රභූන්ට සහ ඇතිහැකි අයට එක නීතියකි.දුප්පතුන්ට සහ සුළු ජාතීන්ට තවත් නීති පොතකි.