ජේයරාජ් ඝාතණයේ තින්දුව සැප් 1 දා, ඇත්ත වසන් කිරීමට කෙස් කෙලින් කරන කුමන්ත්‍රණයක්

0
104

ලක්ෂ්මන් කුරේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධියත් ජපුරෙන් පශ්චාත් උපාධියත් ලද අයෙකි.පොලීසියේ සිටි ලාබාලම ASP සහ SP මොහුය.කිහිප වරක් ත්‍රස්ත ප්‍රහාරයන්ට මුහුණ දුන් අයෙකි. ලක්ෂ්මන්  විවාහ වී මාස 3 ක් ඇතුලත PTA යටතේ අත්අඩංගුවට ගත්තේය.

ඔහු සිරගත කොට වසර 12ක් ගත වූ නමුදු ඔහුට ඇප නොදුන්නේය . නීතිපති දෙපාර්තමේන්තුව සහ TIDය කූට ප්‍රයෝග යොදමින් මෙම නඩුව ඇදගෙන ගියේය . මෙය  නීතියේ පාලනය කෙලසීමක් විය. මෙම සිද්ධිය UNHRC විශේෂ අවධානයට ලක්  විය  .

මේවන විට PTA භාවිතා කරමින් අයුතු ලෙස අත් අඩංගුවේ රදවාගෙන සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස රජයට විශාල බලපෑමක් එල්ල වී ඇත. මේ අතර , එළඹෙන සැප් 1 වැනිදා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව ඇත

කොහොම නමුත් ලක්ෂ්මන්ගේ විත්තිවාචයකය ආන්දෝලනාත්මක එකකි.ලක්ෂ්මන් කුරේ හෙළිදරව් කරනආකාරයට,  ජෙයරාජ් ඝතනය රාජපක්ෂලාගේ වැඩකි. ජෙයරාජ් අගමැති ධූරය ඉල්ලා සිටි නිසා  fasle falg  මෙහෙයුමක් මගින් ඔහු ඝාතනය කොට ඇත.

ලක්ෂ්මන්   කියන කතාව සත්‍ය බවට පිලිගත හැකි සාක්ෂි බොහෝ ඇත. බන්ධනාගාරය තුල ඔහු ඝාතණය කිරීමට ගත් උත්සාහ දෙවරක් අසාර්ථක වී ඇත. ලක්ෂමන් හෙළිකරන පරිදි මෙය කොන්ත්‍රාත් ඝාතනයකි

සැප් පලමුවැනිදා  ලක්ෂ්මන්   නඩුවෙන් නොදොස් කොට නිදහස් කිරීමට වැඩි ඉඩක් ඇති බව නිති විශාරදයන්ගෙන මතය වෙයි.

මේ හේතුව නිසා  ලක්ෂ්මන්   තවදුරටත් අත්අඩංගුවේ තැබීමට කෙස් කෙලින් කරන කුමන්ත්‍රණයක්  දියත් වී ඇත.  මීට වසර 12 කට ගම්පහ මහාධිකරණයෙන් විසි කළ නඩුකරයක්, යලි කොළඹ මහාධිකරණයට ඉදිරි පත් කොට නඩු අංක HC 3650,  යටතේ නඩු පවරා ඇත . (මෙම නඩුව 13 සැප් 2022 කැඳවීමට නියමිතය )

ජෙයරාජ් ඝාතණය එල්,ටී.ටී.ඊ සංවිධානයේ වැඩක් නොව දකුනේ වැඩක් බව මින් පෙනී යයි  .

ලක්ෂ්මන් කුරේට,  එල්.ටි.ටී.ඊ  ලේබලය ඇල්වීම නිසා ඔහුට  සිදුවූ  අසාධාරණය පිළිබදව  මාධ්‍ය  හඬක් නැගුවේ නැත  . දේශපාලනඥයන්   කතා කළේ නැත.එය ත්‍රස්ත පනතේ  භයානකකම සහ සිවිල් සමාජ හෘදයසාක්ෂියේ මුග්ධ බව පෙන්වූ කැඩපතකි

කරුණු එසේ හෙයින්, ගරු අධිකරණයට නිතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට හැකි වේවා යයි අප ප්‍රාර්ථනා කරමු

මහමොළ කරු කවුද කියවන්න පහත දිගුවෙන් 

https://www.colombonow.com/si/2022/05/31/%e0%b6%a2%e0%b7%99%e0%b6%ba%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%84%e0%b6%b8%e0%b7%9c%e0%b7%85%e0%b6%9a%e0%b6%bb%e0%b7%94/