හෙට ලංකාවට එන ගෝඨාභයට කුමක් සිදුවෙයිද ?

0
82

ගෝඨා හෙට දිනයේ ලංකාවට පැමිනීමට නියමිතය. මෙම ලිපිය ගෝඨාගේ හෙට දවස ගැන කරන විවරණයකි . පසුගියදා රාජපක්ෂ පවුලේ උදයංග  ගෝඨා පිළිබදව කතා කළේය.ගෝඨා ධනයට සහ බලයට අතිශ්‍ය කෑදරයෙකු බව ඔහු කීවේය.එමෙන්ම ගෝඨා ගෝනි සෙල්ලම් පෑමෙහි දක්ෂයෙකි.

ගෝඨා තවදුරටත් දේශපාලනය කිරීමේ සූදානමින් පසු වුනද  ඊට  කරුණු 3 ක් හරස් වී ඇත

1. ගෝඨාගේ ගජමිතුරු ව්‍යාපාරිකයන් සියල්ල ගෝඨා හැර ගොස් ඇත
2. බැසිල් ඇතුලු පොහොට්‍ටු දේශපාලකයන් ගෝඨා එනවාට අකමැතිය
3. මුක්තිය අහිමි වීමත් සමහ ගෝඨාට එරෙහි නඩු යලි සක්‍රීය වීමට නියමිතය

ගෝටාබයගේ ෆේස් බුක් බලකායද මේ වනවිට සී සී කඩ ගොස් ඇත. මේ වන විට ගෝඨා සමග සිටින්නේ මිලිටරි සගයන් සහ යන එන මං නැතිව සිටින ගොට්ටන් කිහිප දෙනෙකු පමනි. ගෝඨාභයට පොහොට්‍ටුවේ සභාපති ධූරය ලබාදීමටත් ඉන් පසු පාර්ලීමෙන්තු යැවීමටත් ඔවුන් බලාපොතුවෙන් පසු වෙයි.නමුත් එම බලාපොරොත්තුව සපල වීමට ඇත්තේ ඉතා අඩු ඉඩකි.

ගෝඨාභයට එරෙහිව විභාග වූ නඩු වලින් ඔහු නිදොස් කොට නිදහස් කර නැත. නඩු බහාතැබීම පමනක් සිදුකොට ඇත . ජනාධිපති මුක්තිය අහිමි  වූ දිනයෙ පටන් එම එම නඩු සක්‍රීය වී ඇත.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුව පසුගිය  ජූලි 2 වැනිදා විභාගයට ගත්තේය.එහිදී වැදගත් කරුනු ‍රැසක් හෙලි විය . නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීම පමණක් සිදු කර ඇති බවත් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමක් සිදුකර නොමැති බව එහිදී විණිසුරු චම්පා ජානකී රාජරත්න රජයේ නීතිඥවරයා වෙත පැහැදිළිවම ප්‍රකාශ කළාය.

ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන්  අතුරුදන් කිරීම ගෝඨාභයට එරෙහිව පවතින තවත් නඩුවකි.  2015 – 2019 කාලයෙදී අතුරු තහනම් නියෝග  , ආරක්ෂක හේතු සහ සෞඛය හේතු දක්වමින් ගෝඨා  මෙම නඩුවට නොපැමිනියේය.   නමුත් දැන් මෙම නඩුවද සක්‍රීය වී ඇත

එමෙන්ම ගෝඨා මෙතෙක් පොරවාගෙන සිටි සිංහ හම ගැලවී ඇත.  ඔහුගේ නියම ස්වාභාවය සමස්ථ ලෝකයා ඉදිරියේ නිරාවරණය වි ඇත . ගෝඨාභය විශාල වත්කම් ප්‍රමාණයකට උරුම කියන අතර ඒවා පිලිබදව විස්තරද ඉදිරියේදී හෙලිවීමට නියමිතව ඇත .

තවද, නඩු බහා තබා ඇති විටක උසාවියේ අවසරයකින් තොරව රට යාම,  පුද්ගලයෙකු ගුවන් තො‍ටුපොලේදී අත් අඩංගුවට ගැනීමට වුවද හැකි තත්වයක් බව නීති විශාරදයින්ගේ මතය වෙයි