මීයා කලීෆා පතිවත ‍රැකීමේ අගය කියා දෙයි

0
36

ව්‍යාපාරක් ආරම්භ කිරීම සුළු ප‍ටු නැත. ඒ සදහා අවධානමක් ගත යුතුය . ලංකාවේ එම අවධානම ගැනීමට සූදානම් පිරිස 1% ටත් අඩුය .‍රැකියා කරන පිරිස ලක්ෂ 70 සිටින ලංකාවේ ව්‍යාපාරිකයන්න ප්‍රමණය 7000 කට සීමා වන්නේ ඒ නිසාය

තවද දෙකෝටියක් ජනයා සිටින ලංකාවේ සේවා නියුක්තියෙන් 60% ‍රැකියා සම්පාදනය කරන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ය. දල දේශීය නිෂ්පාදිතයෙන් 70 % කට පමන දායක වන්නේ ඔවුන්ය.

මේ වන විට ලංකාව ඉතිහාසයේ මුහුණ දී ඇති දරුණුමත ඛේදවාචකයට මුහුණ දී සිටියි. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවලින් 17 % ක්  වැසී ගොස් ඇත . ලක්ෂ 20 කට පමන ‍රැකියා අහිමි වී ඇත .

මෙම තත්වය තුල පවතින ව්‍යාපාරයකට එරෙහිව හඩ නැගීම ජාතික අපරාධයකි. මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ ඩඩ්ලි සිරිසේනගේ ව්‍යාපාරවලට ප්‍රහාරයක් දියත් කොට ඇත .ඔහු මෙම පහර දීම සිදුකරන්නේ පාර්ලීමේන්තුවේදිය

පාර්ලීමේන්තු වරප්‍රසාද වලට මුවාවී ව්‍යාපාර වලට පහරදීම නරක පූර්වාදර්ශයකි.මහින්දා නන්ද මෙම පහරදීම සිදු කරන්නේ තවත් සහල් ව්‍යාපරිකයකුගෙන් ලද කොන්ත්‍රාස්තුවක් නිසා බව අපට වාර්තා විය .එය තවත් බිහිසුනු ක්‍රයාවකි

රට සාගතයක එළිපත්තට පැමින තිබියදී ජාතික සහල් සැපයුමේ සැලකිය යුතු ප්‍රතිශතයක් හිමි ව්‍යාපාරයකට පහර දීම අතිශ්‍ය විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැක.

තවත් අතෙකින් ඩඩ්ලි සංචාරක ව්‍යාපාරයටද අවතීර්ණ වී ඇති අයෙකි. දැන් සංචාරක කර්මාන්තය යලි පනගසා යලි නැගිටීම ආරම්භ වී ඇත. දැන් රජය කළ යුත්තේ ඇති හැකි ව්‍යාපාරිකයට හැකි පමන අවස්ථා ලබා දිමය.

මේ වන විට රාජ්‍ය අංශයේ ව්‍යාපාර 75 ක් පමන පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කොට ඇත.එවන් තත්වයක් තුල පෞද්ගලික අංශයේ ව්‍යාපාරවලට පහර දෙන අයෙක් වෙත් නම් ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුය

ඒ හැම එකකටමත් වඩා පෞද්ගලික අංශයේ ව්‍යාපාර වල සුජාත බව විමසන්නේ මහින්දානන්ද අළුත්ගමගේය. එය බටහිර නිල් චිත්‍රපටි නිලි මීයා කලීෆා පතිවත ගැන කතා කරනවා වැනි වැඩකි

මහින්දානන්ද මීයා කලීෆාට සමාන කරන උපාහාසාත්මක කතාව අප සමග කීවේ පාර්ලීමේන්තුවේ ඔහු සමගම සිටින මන්ත්‍රීවරයෙකි.

ව්‍යාපාරිකයන් ‍රැක ගැනීමට,ගොවිතැන ‍රැක ගැනීමට , සංචාරක කර්මාන්තය යලි නගා සි‍ටුවීමට මහින්දානන්දගෙන් උදව් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහා‍ටු පැතීමකි .එම නිසා අප මහින්දානන්ද ගෙන් ඉල්ලා සිටින්නේ එම ක්ෂේත්‍ර විනාශ නොකර සිටින ලෙස පමනි