පොහොට්‍ටු මන්ත්‍රී අගනුවර දෙනෝ දාහක් ඉදිරියේ වෙඩි තබා මන්නෙන් කොටයි

0
28

කොළඹ නාගරික මන්ත්‍රී සුනන්ද පතිරණ ඊයේ උදෑසන නාරාහෙන්පිට දාබරේ මාවතේ  ප්‍රජා ශාලාව ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩි තබා ඇත .

ඔහු වෙඩි ප්‍රහාරයය එල්ල කොට ඇත්තේ ඇත්තේ  වැලිගම ආරච්චිගේ සජිත් සුරංග නම් අයෙකුටය . කෙසේ වුවද මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇත .

නමුත් වෙඩි උණ්ඩ දෙකකින් බේරුන ඔහුට නාගරික මන්ත්‍රීවරයාගේ රියදුරු රාජිත නම් අය විසින් මන්නා ප්‍රහාර හතරක් එල්ල කොට ඇත .එම ප්‍රහාර හේතුවෙන් ඔහු බරපතළ තුවාල ලබා ඇත .මේ වන විට ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි .

මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගෙන් විමසීමක් කළ අතර, නාගරික මන්ත්‍රීවරයා  සම්බන්ධ වෙඩි තැබීම සහ මන්නා ප්‍රහාරය සත්‍ය බව ඔහු කීවේය .

කෙසේ වුවද මෙම සිද්ධිය යට ගැසීමට බරපතළ හස්තයක් ක්‍රියාත්මක වන බව වින්දිතයාගේ පාර්ශවයෙන් චෝදනා කරයි . සුනන්ද පතිරණ නාගරික මන්ත්‍රීවරයා පෙර වැරදි රාශියකට චෝදනා ලබා සිටින අයෙකි