ඉරේෂා මියගියේ ඥානාගේ දේවාලයට යන අතරතුරදී, ගෝඨා ගෙනා ඥානා රටට සාපයක්

0
71

ඥානා මෑණියගේ දේවාලයට ගොස් පූජාවක් පවත්වා යළි නිවස බලා පැමිණෙමින් සිටියදී සිය නැගණියට වෙඩි වැදුණු බව ලක්ව මියගිය ඉරේෂා ශ්‍යාමලීගේ වැඩිමහල් සොහොයුරු ප්‍රසාද් කුමාර වතුපිටිවල රෝහලේදී සාක්කි දෙමින් ඊයේ (03දා) සඳහන් කොට ඇත .

පොලිස් වෙඩි තැබීමක ඉලක්කය වැරදී මිය ගිය ඉරේෂා ශ්‍යාමලීගේ මවගේ විලාපයෙන් බෙන්තර, හබුරුගල  ප්‍රදේශයම කම්පාවට පත්ව ඇත

බෙන්තර, හබුරුගල උපන් ඉරේෂා අධ්‍යාපනය ලැබුවේ ඇළකාක මහා විදුහලෙනි. ඇය ඉහලින්ම A/Lසමත් වී ඇත .  පසුව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරා පශ්චාත් උපාධියක් පෞද්ගලික ආයතනයකින් ලබා ගෙන ඇත.

ඇය  කැනඩාවේ රැකියාවකට යාමේ අපේක්ෂාවෙන් වීසා ලැබෙන තුරු බලා සිටි බව ඇයගේ මව සුනේත්‍රා ජයමාන්න පවසයි. ඒ සඳහා ඉරේෂාට උදව් කොට ඇත්තේ කැනඩාවේ සිටින මිතුරියකි.

මේ පිලිබදව අප ප්‍රකට හිමිනමකගෙන් විමසීමක් කෙළේය.ඥානාගේ දේවාලය සාපයක් බව කියමින් උන්වන්සේ කථාව ආරම්භ කළේය.මිත්‍යා දෘෂ්ඨිය ගෝඨාගේ සහ එම ආර්යවගේ අනුග්‍රහයෙන් රටට හෙනයක් වන තුරු වර්ධනය වූ බවත්, ඥාන පූජනීය රුවන්වැලි සෑය ඇතුලු අටමස්ථාන සමූහයම ඇයගේ මිත්‍යා වත්පිලිවෙත් සදහා යොදා ගත් බවත්, දලදා මාලිගාවේ දිය වඩන නිලමේ හරහා දළදා මාලිගාවේ මුදල් ගසා කෑ බවත්. හමුදාපති දපනේ දාගනිමින් සමස්ථ මහජනයාගේම මුදල් කොල්ල කෑබවත්,උන්වහන්සේ මතක් කළේය.

මිත්‍ය දෘෂ්ඨිය ආනන්තර්ය පාප කර්මයක් බවත්, දැන් සතර මහා භූතයන් කෝප වී මුළු රටටම දඩුවම් දෙමින් සිටින බව උන්වහන්සේ සඳහන් කළේය